At SLIC, we understand that your vehicle is more than just a mode of transportation – it's an essential part of your daily life. That's why we offer a range of motor insurance packages tailored to meet your specific needs and budget. Whether you're looking for basic coverage to meet legal requirements or seeking enhanced protection for your prized possession, we've got you covered. With our user-friendly platform and dedicated customer support, finding the right insurance package for your vehicle has never been easier. Explore our options today and drive with confidence knowing that you're backed by the trusted experts in motor insurance.
ආචාර්ය සමීර ධර්මසේන වසර 20කට වැඩි කාලයක රක්ෂණ කර්මාන්තයේ පළපුරුද්දක් ඇති කීර්තිමත් රක්ෂණ වෘත්තිකයෙකි. ශක්තිමත් වෘත්තීය හා අධ්‍යාපනික පසුබිමක් ඇති ඔහු, ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්රය තුළ වෘත්තීයභාවය, අධ්‍යාපනය සහ නවෝත්පාදනය ප්රගමනය කිරීමේ ප්‍රධාන භූමිකාවක් ඉටුකරයි.
ඔහු Girne American විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණ ආචාර්ය උපාධියක්, කොළඹ විශ්වවිද්‍යාලයෙන් MBA උපාධියක්, කැළණිය විශ්වවිද්‍යාලයෙන් ජීව විද්‍යාව පිළිබඳ BSc (Hons) උපාධියක් සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් LLB උපාධියක් ලබා ඇත. වෘත්තීයමය වශයෙන්, ඔහු Chartered Insurance Institute හි සාමාජිකයෙකු (FCII – UK) සහ Insurance Institute of India හි සාමාජිකයෙකු වශයෙන් කටයුතු කරයි. ඔහු මෙලෙසින් ලබාගත් අධ්‍යාපනික දැනුම සහ ආයතනික ප්රවීනත්වය යන මහඟු වටිනාකම් රැසක එකමුතුව නිසා, ආයතනික හා ව්‍යාපාරික යන දෙඅංශයේම ඵලදායී ලෙස නායකත්වය දැරීමට ඔහුට හැකියාව හිමිව ඇත.
ආචාර්ය ධර්මසේන තම වෘත්තීය ජීවිතය ආරම්භ කළේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව (SLIC) හරහා වන අතර, එතැන් සිට ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ ව්‍යාපාර අනුබද්ධිත රක්ෂණ සමාගම් කිහිපයක ජ්‍යෙෂ්ඨ නායකත්ව තනතුරු දරා ඇත. Sri Lanka Insurance Corporation General Ltd. සමඟ එක්වීමට පෙර කටයුතුකළ Allianz Life Insurance Lanka හි සේවා කාලය තුළ ඔහු බහුජාතික ව්‍යාපාර සමගින් අත්දැකීම් ලබා ඇත. එක්සත් රාජධානියේ Chartered Insurance Institute සමඟ අනුබද්ධ වූ ශ්‍රී ලංකාවේ එකම රක්ෂණ අධ්‍යාපන ආයතනය වන Sri Lanka Insurance Institute හි සභාපති ලෙස ඔහු තේරීපත් විය.
FCII (UK), වරලත් රක්ෂක
ආසිරි වික්‍රමාරච්චි මහතා බහුජාතික සහ දේශීය රක්ෂණ සමාගම් දෙඅංශයෙහිම වසර 18කට වැඩි, රක්ෂණ ක්ෂේත්රයේ ඉහළ සුදුසුකම් ලත් හා පළපුරුදු වෘත්තිකයෙකි. ඔහුගේ විශේෂඥතාව ප්‍රධාන තාක්ෂණික ක්ෂේත්‍ර වන ප්‍රාරක්ෂණය (Underwriting), හිමිකම් (Claims) සහ ප්රතිරක්ෂණය (Reinsurance) පුරා විහිදී යන අතර, එමගින් ඔහුට රක්ෂණ අංශය තුළ උපායමාර්ගික දියුණුවීම් ඉදිරියට ගෙන යාමට හැකියාව ලබා දෙයි.
2011 දී, ආසිරි මහතා එක්සත් රාජධානියේ Chartered Insurance Institute (CII) වෙතින් සාමාජිකත්වය (ACII) සහ "වරලත් රක්ෂක(Chartered Insurer)" තත්ත්වය දිනා ගත්තේය. ඔහු මෙම ගෞරවාන්විත සුදුසුකම ලබා ගත් ශ්‍රී ලංකාවෙන් බිහි වූ ළාබාලතම පුද්ගලයා ලෙස පිළිගැනේ. ඔහුගේ විශිෂ්ට ජයග්‍රහණය තවදුරටත් සැමරුවේ 2012 කොළඹ පැවති රක්ෂණ සමුළුවේදී "විශිෂ්ටතම ශිෂ්‍යයාට හිමි සම්මානය" ලැබීමෙනි. මෙය 2011 වසර සඳහා ඉහළම කාර්ය සාධනය පෙන්වූ ACII-සුදුසුකම් ලත් පුද්ගලයාට පිරිනැමූ ගෞරවයකි.
මෙම ශක්තිමත් පදනම මත ගොඩනැගුණු ආසිරි මහතා, පසුව රක්ෂණ ක්ෂේත්රයේ ඉහළම වෘත්තීය පිළිගැනීම වන එක්සත් රාජධානියේ Chartered Insurance Institute වෙතින් සාමාජිකත්ව (FCII) සුදුසුකම ලබා ගත්තේය.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන නිලධාරී - සාමාන්‍ය රක්ෂණ ලෙස සිය වත්මන් තනතුර භාර ගැනීමට පෙර, ආසිරි මහතා Continental Insurance Lanka Ltd. හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී - තාක්ෂණික ලෙස සේවය කළේය. එහිදී ඔහු ලාභය ඉහළ නැංවීම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා විවිධ මෙහෙයුම් හා තාක්ෂණික කාර්යයන් මෙහෙයවීය.
ව්‍යාපාර කළමනාකරණ (ගිණුම්කරණ) විශේෂ (ගෞරව), FCA, ACMA, MBA - මූල්‍ය
සංජය අත්තනායක මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සාමාන්‍ය රක්ෂණ අංශයේ ප්‍රධාන ව්‍යාපාර නිලධාරී ලෙස කටයුතු කරන අතර වසර 33කට අධික කාලයක් දේපළ රක්ෂණ, අලෙවිකරණය, අලෙවි කළමනාකරණය සහ ප්‍රධාන ගිණුම් කළමනාකරණය යන ක්ෂේත්රයන්හි පුළුල් අත්දැකීම් සහිත රක්ෂණ වෘත්තිකයෙකි. බෙදාහැරීමේ ජාල ස්ථාපිත කිරීම හා පුළුල් කිරීම, බඳවා ගැනීමේ උපායමාර්ග සැලසුම් කිරීම සහ දේශීය හා බහුජාතික රක්ෂණ සමාගම්වල ව්‍යාපාරික වර්ධනය ඉහළ නැංවීම ඔහු පෙන්වා ඇති විශේෂ හැකියාවකි. වත්මන් තනතුරට පත්වීමට පෙර ඔහු සංස්ථාපිත හා පුද්ගලික අංශ ප්‍රධානියා ලෙස සේවය කළ අතර එහි ඔහු සිදුකළ සුවිශේෂී කාර්යයභාරය හේතුවෙන් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස උසස් කරන ලදී.
ඔහු හත්වන මට්ටමේ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හිමිකරගෙන ඇති අතර ඉහළ කාර්යසාධනයක් සහිත රක්ෂණ අලෙවි කණ්ඩායම් ගොඩනැගීම, ශක්තිමත් ආයතනික සබඳතා වර්ධනය කිරීම සහ වෙළඳපල ස්ථානගත කිරීම ශක්තිමත් කරන මුලපිරීම් සඳහා පෙරමුණ ගැනීම සඳහා ඔප්පු කර ඇති ප්‍රායෝගික කර්මාන්ත දැනුම සහිත ශක්තිමත් වාර්තාවක් ඇත. ඔහු මීට පෙර 1992 සහ 2019 අතර කාලසීමාවේදී Union Assurance සහ Fairfirst Insurance හි සේවය කර ඇති අතර පසුව 2019 සිට 2025 දක්වා LOLC හි සාමාන්‍ය රක්ෂණ අංශයෙහි සේවය කර ඇත.
කදිර්ඛමරුබන් මහතා ක්ෂේත්රයේ වසර 20කට අධික අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණික වෘත්තිකයෙකි. ඔහු, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යාව සඳහා B. Sc උපාධියක්ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද, Dr. Mikel J Harry Six Sigma Management Institute Asia වෙතින් Lean sigma කළු පටි සහතිකයද ලද්දෙකි.
අප සමග එක්වීමට පෙරාතුව කදිර්ඛමරුබන් මහතා, ඩයලොග් ආසියාටා සමාගමේ සමූහ ව්‍යාපාර පරිවර්තන සහ සමූහ ඩිජිටල් පරිවර්තන අංශයන්හි ප්‍රධාන කළමනාකරුවෙක් ලෙසට සේවය සපයා ඇත.
B.Sc (ගෞරව), MBS (කොළඹ), MBA (PIM/ University of Canberra), FII, Sp. Dip in Marine (III), ACII (UK), වරලත් රක්ෂණකරු
ෆියෝනා මුණසිංහ මහත්මිය සාමාන්‍ය රක්ෂණ කාණ්ඩය (මෝටර් රථ, ගිනි හා ගොඩනැගිලි, සෞඛ්‍ය, සාගර, සංචාරක හා විවිධ රක්ෂණ ඇතුළු) පිළිබඳ වගකීම දරන අලෙවිකරණ කණ්ඩායමේ සාමාජිකාවක ලෙස කටයුතු කරයි. සන්නාම උපාය මාර්ග සැලසුම් කිරීම, නව නිෂ්පාදන සංවර්ධනය සහ සමාගමේ අනෙකුත් අභ්‍යන්තර හා බාහිර පාර්ශව සමඟ සමීපව සම්බන්ධ වී දෙපාර්තමේන්තු අතරේ කටයුතු කිරීම ඇගේ භූමිකාවට ඇතුළත් වේ.
ෆියෝනා මුණසිංහ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් (PIMA) ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් (MBA) සහ එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයෙන් (UMIST) ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී(BSc) උපාධියක් ලබා ඇත.
ඇය වරලත් අලෙවිකරණ ආයතනයේ (CIM, UK), වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (CIMA, UK) විභාග සහ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී වැඩසටහන (CMA, Australia) සාර්ථකව නිම කර ඇත. මීට අමතරව, ඇය ඩිජිටල් අලෙවිකරණය පිළිබඳ වෘත්තීය ඩිප්ලෝමාවක් (APIDM), ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ උසස් සහතිකයක් (ලංකා වාණිජ මණ්ඩලය) සහ සිංගප්පූරුවේ ආසියා අලෙවිකරණ සම්මේලනයෙන් සහතිකලත් වෘත්තීය අලෙවිකරු තනතුරක් ලබා ඇත.
ප්රමුඛ පෙළේ දේශීය, බහුජාතික සහ ජාත්‍යන්තර සමාගම් රැසක වසර 15ක ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු දැරූ කාලයද ඇතුළත්ව ෆියෝනා මුණසිංහ මහත්මිය සතුව වසර 20කට වැඩි පළපුරුද්දක් ඇත. ඇය හේමාස් පාරිභෝගික සන්නාම අලෙවිකරණ අධ්යක්ෂ, හේමාස් පාරිභෝගික සන්නාම වෙළඳපොළ සංවර්ධන අධ්යක්ෂ හා අපනයන අධ්යක්ෂ, Stassen Foods හි ප්‍රධාන විධායක නිලධාරී සහ Bellose Lanka හි අලෙවිකරණ සහ නව්‍යකරණ වෙලඳ අධ්යක්ෂ වැනි ප්‍රධාන නායකත්ව තනතුරු දරා ඇත.
ගිහාන් සුවාරිස් මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සාමාන්‍ය රක්ෂණ අංශයේ මානව සම්පත් පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වන අතර දැනට සංවිධානයේ මානව සම්පත් කාර්යයන් මෙහෙයවයි.
ඔහු ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් (MBA) මෙන්ම නායකත්වය හා කළමනාකරණය පිළිබඳ උපාධියක් ද හිමිකර ගෙන ඇත. මීට අමතරව මානව සම්පත් කළමනාකරණය, කම්කරු නීතිය හා කාර්මික සබඳතා පිළිබඳ වෘත්තීය සුදුසුකම් සම්පූර්ණ කර ඇති අතර ඒ මහතා Diversity Collective Lanka ආයතනය විසින් පිළිගත් Respectful Workplace Leader සහතිකය ද ලබා ඇත.
MAS Holdings, Verger Naturals සහ Nations Trust බැංකුව වැනි ප්රමුඛ ආයතනවල සේවය කරමින් උපායමාර්ගික මානව සම්පත් කළමනාකරණය, ආයතනික සැලසුම්කරණය, සංවිධාන සංවර්ධනය සහ කුසලතා කළමනාකරණය යන ක්ෂේත්රයන්හි පුළුල් අත්දැකීම් සමුදායක් ඔහු සතුව ඇත. රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාලයන්හි නායකත්වය, කළමනාකරණය මෙන්ම මානව සම්පත් යන විෂයයන් සඳහා බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස ද ඔහු කටයුතු කරයි.
ඔහුගේ වෘත්තීය ජීවිතයට අමතරව ගිහාන් සුවාරිස් මහතා හිටපු ජාතික ක්‍රීඩකයෙකු සහ නායකයෙකු වන අතර ලෝක ශූරතා , පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සහ ආසියානු ක්‍රීඩා උළෙලවලදී ස්කො ෂ් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ ඔහු දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගත්තේය. ඔහු ජාත්‍යන්තරව සහතිකලත් පුහුණුකරුවෙකු, WSF සහතිකලත් උපදේශකයෙකු වන අතර දැනට ජාතික ස්කොෂ් කණ්ඩායමේ පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරයි.